2024 මහ මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයින් සඳහා විවිධ පාර්ශව විසින් මතුකර ඇති විරෝධතා සහ ගැටලු පරීක්ෂා කොට වාර්තා කිරීමට කමිටුවක් පත් කර ඇත.
සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් පරිදි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කොට තිබේ.
ජනාධිපති නීතිඥවරුන් වන ඩිනල් පිලිප්, නලින් දිසානායක සහ එස්.ඩ්.ජයනාථ එම කමිටුවට පත් කොට ඇති සෙසු සාමාජිකයින් වේ .