සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා

රනිල් වික්‍රමසිංහ මහත සමග එක්ව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවා නම් ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබුණා නේද යැයි මාධ්‍යවේදියෙක් විමසු පැනයට සජිත් ප්‍රේමදාස ලබාදුන්නේ මෙවන් පිළිතුරක්

” අංක ගණිතමය වශයෙන් බැලුවොත් එවන් විග්‍රහයකට යන්න පුලුවන්. නමුත් ගැඹුරු දේශපාලන විශ්ලේශනයකට ගියොත් බොහොම පැහැදිලියි ඒක සත්‍යක් යතාර්තයක් නෙවේ”

එසේම ඉදිරි මැතිවරණ කටයුතු පිළිබදවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි අදහස් පළ කර සිටියා .

“අපි සමගි ජන සන්ධානය වශයෙන් ඉදිරියට යනවා ඒ සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිමය එකගතාවයකින් ,ප්‍රගතිශීලී ජනතාව කැමති පුද්ගලයින්ට අත්වැල් බැදගැනීමට බාධාවක් නෑ . දේශපාලන ඩීල් නෙවෙයි .ප්‍රතිපත්ති පිළිඅරගෙන ඒ තුළින් ඉදිරියට යන පුද්ගලයන්ට කිසිම බාධාවක් නෑ .අනික සමගි ජන සන්ධානයෙ සියලුම ආසන සංවිධායකවරු සියලුම මන්ත්‍රීවරු ඒකමතිකව මට යෝජනා කළා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා හැටියට මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න .ක්‍රියාත්මක කරන්න මගේ නායකත්වයෙන්”