සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම අද අලුයම ආරම්භ කර තිබේ.

තත්පරයට ඝණ මීටර් 42 ක පමණ ජල ධාරිතාවක් මෙහිදී නිකුත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා තිබේ.

එමගින් මෙගාවොට් 120 ක පමණ විදුලි ධාරිතාවක්ද ජාතික පද්ධතියට එක් කරනු ඇත.

කැබිනට් මණ්ඩලය ඊයේ (07) ගත් තීරණය අනුව මෙලෙස ජලය මුදාහැර තිබේ.