ජාතික ජනබලවේගයේ, මුස්ලිම් සහෝදරත්වයේ ජන හමුවක් ඊයේ (12 ) පස්වරුවේ තිහාරිය ප්‍රදේශයේදී පැවැත්වුණා.

එහිදි රටට ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ,ප්‍රතිපත්ති ගරුක ආණ්ඩුවක් අවශ්‍ය බවත් එයට ඇති එකම විකල්පය ජාතික ජනබලවේගය බවත් එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළකල අනුර කුමාර දිසානායක

” මේ දවස් වල වංචා දූෂණ ගැන යටිගිරියෙන් කෑ ගහන කෙනා තමා සජිත් ප්‍රේමදාස .මේසෙට තට්ටු කරලා පපුවට ගහගෙන කියනවා හොරකම නතර කරනවා කියලා . මම ගාව තියනවා ඩලස් අලහප්පෙරුම කරපු සාකච්චාවක් . සජිත් ගම්මානයක් හදනකොට පුවරුවට ලක්ශ දෙක හමාරක් යනවලු පුවරු දෙකෙන් ගෙවල් දෙකක් හදන්න පුලුවන්ලු. මහ බැංකු වංචාවට නොදෙවෙනි වංචාවක් සංස්ක්ෘතික අරමුදලෙන් සිද්දවුණා. ලංකාවේ සංස්කෘතික , නිවාස ,සමෘද්ධි අරමුදල් තුනම කාබාසිනියා කළා. කෝටී 100- 150ක් රටට නැති කරා තමන්ගේ පම්පෝරිය උස්සන්න .දැන් කියනවා සජිත් කමක් නැල්ලූ. එක්කෝ ඩලස් මැරිල ඉපදිලා නැත්තම් අපි මැරිලා ඉපදිලා

දැන් බලන්න ජී. එල් පීරිස් කාලයක් චන්ද්‍රිකාගේ පිටිපස්සේ 2001 රනිල්ගේ ,ඊට පස්සේ මහින්දගේ ,ගියපාර ගෝඨාභයගේ දැන් ඉන්නවා සජිත්ගේ පිටිපස්සේ. සමහරු පනින්නේ සල්ලි අරගෙන සමහරු ඉන්නේ සල්ලි අරගෙන .හරි අපූරුවට කියනවා අපේ පක්ෂේ සැලුන් දොර වගේලු එන්නත් පුලුවන්ලු යන්නත් පුලුවන්ලු .ඒවා පක්ෂ නෙවේ අම්බලම් . අපේ පක්ෂෙන් ගිය අයට අයේ එන්න බෑ. අපිට අවශ්‍ය ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් . ප්‍රතිපත්තිගරුක ආණ්ඩුවක් ඕන නම් ඒ සදහා තෝරගන්න තියෙන්නේ ජාතික ජනබලවේගය පමණයි “