මාදිවෙල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් අගෝස්තු 3 වැනි දින රාත්‍රියේ මිරිහාන පොලිසිය විසින් වටළා ඇති බව වාර්තා වේ. මෙම මෙහෙයුමේදී ආයතනයේ කළමනාකරු, කාන්තාවන් දෙදෙනකු සහ පිරිමින් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පාදුක්ක සහ පූඩළුඔය පදිංචි වයස අවුරුදු 22 සහ 24ක් වන කාන්තාවන් දෙදෙනෙක් මෙහිදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත පිරිමි සැකකරුවන් වයස අවුරුදු 22, 25 සහ 33 ක් වන දික්වැල්ල සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මිරිහාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.