ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය ඇතුළත දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

සම්බා සහල් මෙට්‍රික්ටොන් 50000ක් ගෙන්වීමට පසුගිය දා ලැබුණු කැබිනට් අනුමැතියට අනුව එම සහල් ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර  සඳහන් කර ඇත.

මීට අදාළ ටෙන්ඩර් කැඳවීම ඊයේ (11) අවසන් වූ බව ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය ද සඳහන් කර ඇත.

මේ වනවිට වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 1000කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වේ.