සමාජ සාධාරණ පක්ෂය ජාතික ජන බලවේගයෙන් ඉවත් වු බව සමාජ සාධාරණ පක්ෂයේ නායක නජා මොහොමඩ් පවසා ඇත.

අද (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ​ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

පක්ෂයක් විදිහට සිය පක්ෂය සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටි නමුත් එය ලබා දීමට ඔවුන් මඟ හැර සිටි බව එහිදී ඔහු කියා සිටියේය.

තම පක්ෂය වශයෙන් සිදු කල ඉල්ලීම මඟ හැරීමෙන් තවදුරටත් ජාතික ජනබලවේගය සමඟ අත්වැල් බැඳ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ජාතික ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ පමණක් ප්‍රමුඛ කරගෙන යන එම ව්‍යාපාර තුල සිය පක්ෂය වහල් දේශපාලනයේ නිරත වීමට නොහැකි බව නජා මොහොමඩ් වැඩිදුරටත් කියා සිටියේය.