මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඔවුන්ගේ පුහුණු කාර්ය මණ්ඩලය නිවේදනය කළේය. ඒ අනුව ඉහළ පළපුරුද්දක් සහිත ඕස්ට්‍රේලියානු පුහුණුකරුවෙකු වන සයිමන් හෙල්මට් කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සයිමන් හෙල්මට්,
“ප්‍රධාන පුහුණුකරු ලෙස කළම්බු ස්ට්‍රයිකර්ස් සමග වැඩ කිරීමට ලැබීම ගැන මම ඇත්තෙන්ම සතුටට පත්වෙනවා. මම පළමු වතාවට තමයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් පුහුණු කරන්නේ. කළම්බු කණ්ඩායමට දැනටමත් යම් ශක්තියක් තියනවා. අපි ඉදිරි වෙන්දේසියේදී ශක්තිමත් කණ්ඩායමක් ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පැවසීය.

සයිමන් හෙල්මට් මීට පෙර ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායමේ, බිග් බෑෂ් තරගාවලියේ Melbourne Renegades කණ්ඩායමේ සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

සයිමන්ට අමතරව කළම්බු ස්ට්‍රයිකර්ස් කණඩායමේ සහාය පුහුණුකරු ලෙස ජෙරොම් ජයරත්නද පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස්ද පත් කර තිබේ.

 

කවිඳු කාරියවසම්