මෙම මස 14 වන දින පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියක​ට නවක වදය ලබා දීම සම්බන්ධයෙන්, සමනලවැව පොලිස් ස්ථානය විමර්ශනයක් සිදුකර නවක වදය ලබාදීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා භාෂා අධ්‍යයන පීඨයේ හතරවන වසරේ සිසුන් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ( 28) මෙම සිසුන් හය දෙනා පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23,24,හා 25 වන වයස්වල අය බව පොලිසිය සඳහන් කරයි

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබ‍යි.