මෙරට සහල් සහ වී තොග සම්බන්ධ සමීක්ෂණයේ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම වාර්තාව අමාත්‍යාංශ ලේකම් මගින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

දිස්ත්‍රික්ක 21ක වී සහ සහල් තොග සමීක්ෂණයේ වාර්තාව මේ අනුව අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර තිබෙන අතර ජනපති උපදෙස් සහ අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත හඳුනා ගත් දිස්ත්‍රික්කවල වී සහ සහල් තොග පිළිබඳ විමර්ශනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේය.