පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ වනවිට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සෆ්රාස් අහමඩ් වෙනුවට මොහොමඩ් රිස්වාන් ආදේශක ක්‍රීඩකයක් ලෙස කණ්ඩායමට ආදේශ කර තිබේ. පාකිස්තාන කණ්ඩායමේ කළමනාකාරීත්වය තරග තීරක ඩේවිඩ් බූන් ගෙන් කළ ඉල්ලීම ඔහු පිළිගැනීමෙන් පසුව මෙම ආදේශ කිරීම සිදු කර තිබේ.

අද දිනයේ අසිත ප්‍රනාන්දු විසින් යවන ලද බවුන්සර් පන්දුවක් සෆ්රාස්ගේ හිසේ වැදීම හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් විය. ඔහු තවදුරටත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය මණ්ඩලයේ නිරීක්ෂණය යටතේ සිටියි.