ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කළ ජනාධිපතිවරයා කියා සිටියේ අදාල කාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ තීරණය විකෘති තීරණයක් බවයි.

එමෙන්​ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර ඇති එම තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට අභියෝග කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.