ස්පාඤ්ඤයේ Majorca ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතාදමා තිබෙනවා

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් Majorca ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථවල වැසිවතුර පිරී තිබීම නිසා  ගුවන් ගමන් ආරම්භ කිරීමට සහ ගොඩබෑමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

ස්පාඤ්ඤයේ තුන් වෙනුවට කාර්ය බහුලම ගුවන් තොටුපොළ වන  Majorca ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැයකට සෙන්ටිමීටර 5 (අඟල් 2) කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, පැයකට අඩු කාලයකදී එය සෙන්ටිමීටර 9 (අඟල් 3.5) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බොහෝ ගුවන් ගමන් පමා වීම හෝ අවලංගු වීම නිසා මගීන් බොහෝ දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා.

ගුවන් තොටුපළ ආරක්ෂිතව ක්‍රියාත්මක වීමට ඇති නොහැකියාව හේතුවෙන් , ගුවන් යානා තාවකාලිකව විකල්ප ගුවන් තොටුපළ වෙත ආපසු හරවා යවා ඇති බව ස්පාඤ්ඤ ප්‍රවාහන අමාත්‍යවරයා පවසනවා.