සෙනගාලයේ සිට ස්පාඤ්ඤයේ කැනරි දූපත් දක්වා සංක්‍රමණික යාත්‍රා 3ක ගමන් කරමින් සිටි පුද්ගලයන් 300 දෙනෙකු ස්පාඤ්ඤය ආසන්න මුහුදේ දී අතුරුදන් වී ඇත.

මෙම යාත්‍රා තුන කැනරි දූපතක් වන ටෙනරීෆ් වෙත කිලෝමීටර 1700ක් දුරින් පිහිටි සෙනගාලයේ සිට ගමන් අරඹා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සෙනගාලයේ වර්තමානයේ පවතින දරිද්‍රතාව සහ විවිධ හේතූන් මත බොහෝ පිරිසක් මෙලෙස ස්පාඤ්ඤයට පලා යමින් සිටින බව සඳහන් වේ

බටහිර අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති කැනරි දූපත් ස්පාඤ්ඤය බලා යන සංක්‍රමණිකයින්ගේ ප්‍රධාන ගමනාන්තයක් වන අතර, බොහෝ පිරිසක් ඒ හරහා පලායෑමට ගොස් අනතුරට ලක්වන බව ද වාර්තා වේ.