ඊයේ (26) ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙකුගේ මළ සිරුරක් වව්නියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා

මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව, නෙඩුන්කේනි, වෙඩිවෙත්තකල්ලු ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි සෙල්ලදුරෙයි නිමලනාදන් නමැති පුද්ගලයෙක්

මියගිය පුද්ගලයා ස්ටිස්ටර්ලන්තයේ පදිංචිව සිට ඇති අතර, ටික කලකට පෙර තමන්ගේ උපන්ගම වන වෙඩිවෙත්තකල්ලු ප්‍රදේශයට පැමිණ ඇති බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික උත්සවයකට සහභාගි වීමට 25 වැනිදා පැමිණ ඇති අතර, එහිදි මියගිය පුද්ගලයා, තවත් පුද්ගලයෙකු සමඟ ඥාති නිවසක නවාතැන් ගැනීමට ගොස් ඇති අවස්ථාවේ මියගොස් ඇති බවද පොලීසිය පැවසීය.

කණ්ඩායමක් පැමිණ තමන් හා තම ඥාතියාට පහරදුන් බවත්, එහිදි තම ඥාතියා මියගිය බවත්, මියගිය පුද්ගලයා සමඟ සිටි පුද්ගලයා පොලීසියට පවසා ඇත.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණ වවුනියාව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් ඊයේ (26) සවස පැවැත්වු අතර ,මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකෙ‍රිණි

මරණය ඝාතනයක් වන බැවින් සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.