2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසා සිටියා

මේ වනවිට උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ අවසන් සතියේ ඇති බවත්, උත්තරපත්‍ර පරීක්ෂා කර අවසන් බැවින් විභාග දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් වන විට ප්‍රතිඵල ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා

ඒත් සමගම 2025 ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත මීළඟ සාමාන්‍ය පෙළ පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පවසා සිටියා