පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබෙන බව සදහන්.

එහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණි අලි සාහීර් මව්ලානා මහතාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි වඩිවෙල් සුරේෂ් මහතා ට කම්කරු රාජ්‍ය අමාත්‍ය ධුරය ද ලබා දී ඇති බව සදහන්.

ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි