විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ එතුමාගේ කදවුරට ජාතික උරුමයන් ,සංස්කෘතික උරුමයන් , අපේ ශිෂ්ඨාචාරයන් මේ කිසිවක් දේශපාලන වේදිකාවේ තොරොම්බල් කිරීමෙන් වළකින ලෙස ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.

එසේම ආණ්ඩුව බලය අරගෙන ඉතා කෙටි කාලයකින් ක්‍රමිකව වාහන ආනයනය කල හැකි ක්‍රමයක් සකස් කරන ලෙසත් ඔහු පවසා සිටියා

ඊයේ (17) මැයිසිරිපුර පැවති ජාතික ජනබලවේගයේ රැළියකදි ඔහු මෙම අදහස් පල කළා

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක

“සජිත් ප්‍රේමදාසට සහ එතුමාගේ කදවුරට කරුණාකරලා කියනවා ජාතික උරුමයන් ,සංස්කෘතික උරුමයන් , අපේ ශිෂ්ඨාචාරයන් මේ කිසිවක් දේශපාලන වේදිකාවේ තොරොම්බල් කරන්න ගන්න එපා.අපි කවදාවත් ඒවා ගන්නේ නෑ දේශපාලන වේදිකාවට ඒකයි දේශපාලනය කියලා කියන්නේ. රනිල් වික්‍රමසිංහ කියනවා එයා ඇවිල්ලලු තෙල් ,ගෑස් දුන්නේ මම කියන්නම් 2015/19 එයා ආවේ නැත්තම් තෙල් ගෑස් නැතිවෙන්නෙත් නෑ. ඩොලර් කෝටි එක්දහස් තුන්සිය පනහක් අවුරුදු හතර හමාරට නැති කරා. ගෝඨාභය බිලිදුන්නා.ගෝඨාභය පව් .අරගොල්ලො කරපු අපරාධ වලට අන්තිමට ගෝඨාභය බෙල්ල දුන්නා. ඒ නිසා අපි රට අරගෙන කවුරුහරි හිතනව නම් ගෑස් නැතිවෙයි ,තෙල් නැතිවෙයි විදුලිය නැතිවෙයි කියලා බය වෙන්න එපා ජාතික ජනබලවේගය ආණ්ඩුව හදන්නේ කිසිදු භාණ්ඩයක් හිගයකින් තොරව ලබාදෙන වැඩපිළිවෙලක් අපි හදන්නේ. අපේ තරුණයෝ හරි කැමති ජපානයෙන් බයිසිකලයක් ගේන්න . දෙන්නේ නෑ’. කාර් එකක් ගේන්න දෙන්නේ නෑ . ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලය අරගෙන ඉතා කෙටි කාලයකින් ක්‍රමිකව වාහන ආනයනය කරන්න පුලුවන් විදිහට අපි හදන්නම් .තෙල් ගෑස් නෙවෙයි ජපන් බයිසිකල් ගේන්නත් ඉඩ හදලා දෙන්නම් .එහෙමයි රටවල් හදන්නේ. මේ අපි ඔක්කොම ඉන්නේ මොකටද අපිට පෞද්ගලික යමක් අපේක්ෂාවෙන් නෙවෙයි රට හැදීමේ සත් උවමනාවෙන් .ඒ නිසා සැප්තැම්බර් මාසේ 21වෙනිදට පළමු වතාවට මේ රට හදන්න මුල පුරන ආණ්ඩුවක් හැදෙනවා.”