සිංගප්පූරුවේ වසර 20ක කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ලී සියෙන් ලූන්ග් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ධූරයෙන් ඉල්ලා අස් වූ ලී, එරට නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් වෙත නිල වශයෙන් පාලනය භාර දී ඇති බව වාර්තා වේ.

1965 දී සිංගප්පූරුව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ අතර එතැන් පටන් සිංගප්පූරුවට සිට ඇත්තේ අගමැතිවරු තිදෙනෙක් පමණයි.

ඔවුන් සියල්ලෝම පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය නියෝජනය කරයි .

ඔවුන්ගෙන් පළමුවැන්නා වූයේ නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන සහ වසර 25 ක් රට මෙහෙයවූ ලී සියෙන් ලූන්ග්ගේ පියා වන ලී ක්වාන් යූ යි.

අගමැති ධූරයෙන් ඉවත් වුණද ලී මහතා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ලෙස කැබිනට් මණ්ඩලයේ රැඳී සිටිණු ඇති බව සඳහන්.

කෙසේ නමුත් පසුගිය සති අන්තයේ අගමැති ලෙස ලී සියෙන් ලූන්ග් දේශීය මාධ්‍ය සමඟ අවසන් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් සිංගප්පූරු වැසියන්ගේ සහයෝගයට ස්තූති කර තිබෙනවා.