ගිවිසුම් ගතවීම්වලට යටත්ව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සන්නාමය යටතේ ඉන්ධන අලෙවි කිරීමට සිනොපෙක් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසා ඇත.

එම සමාගමේ සන්නාම ප්‍රවර්ධනය සඳහා යම්කිසි කාලයක් ගත වන බැවින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇති බව ඇමතිවරයා ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම  සිනොපෙක් සමාගමට අයත් ඉන්ධන රැගත් පළමු නෞකාව මේ මස අවසානය වන විට දිවයිනට ළඟා වීමට නියමිත බව ද ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.