සිම්බාබ්වෙන් බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස සැලකිය හැකි Heath Streak ජීවිතක්ෂයට පත් වී තිබේ. ඒ පිළිකා රෝගයට ගොදුරු වීමෙනි. මිය යනවිට ඔහු 49හැවිරිදි වියේ පසු විය. ඔහු 1993 – 2002 කාලය තුළ සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සහ පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි.

Heath Streak සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ජාත්‍යන්තර කඩුලු ලාභියාය. ඔහු ජාත්‍යන්තර තරග 254කට ක්‍රීඩා කරමින් කඩුලු 455ක් දවාගෙන තිබේ. සිම්බාබ්වේ කණඩායමේ ඉහළම ටෙස්ට් කඩුලුලාභියා මෙන්ම ටෙස්ට් කඩුලු 200ක් දවාගත් එකම සිම්බාබ්වේ ජාතිකයා වන්නේද ඔහුය. ඔහු ටෙස්ට් තරග 65කදී කඩුලු 216ක් බිඳ හෙළා තිබේ. එමෙන්ම Heath Streak එක්දින ජාත්‍යන්තර තරග 189කට ක්‍රීඩා කරමින් එහිදී කඩුලු 239ක් දවාගෙන තිබේ. සිම්බාබ්වේ වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවාගත් පිතිකරු මෙන්ම එක්දින කඩුලු 200කට හිමිකම් කියන එකම සිම්බාබ්වේ ජාතිකයාද වන්නේ Heath Streak.

පිත්තෙන්ද දස්කම් දක්වා ඇති Heath Streak එක්දින ලකුණු 2,943ක් රැස් කර ඇති අතර, ඊට අර්ධ ශතක 13ක් ඇතුළත්ය. ඊට අමතරව Heath Streak ටෙස්ට් ලකුණු 1,990ක්ද රැස් කර ඇති අතර, ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 11ක් ඇතුළත්ය.

සිම්බාබ්වේ පිලට නායකත්වයද ලබාදී ඇති Heath Streak ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් අනතුරුව පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර තිබේ