ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ අතර අද පැවැති තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය. ඒත් සමගින් සිම්බාබ්වේ කණ්ඩායමට එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 234කි.

ස්කොට්ලන්ත ඉනිම වෙනුවෙන් මයිකල් ලීස්ක් ලකුණු 48ක්ද, මැතිව් ක්‍රොස් ලකුණු 38ක්ද, බ්‍රෑන්ඩන් මැක්මලන් ලකුණු 34ක්ද ලබාගත්හ.

සිම්බාබ්වේ වෙනුවෙන් ශෝන් විලියම්ස් ලකුණු 41කට කඩුලු 03ක් බිඳහෙළීය.

අනතුරුව ස්කොට්ලන්ත කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 235ක ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 41.1කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත්තේ ලකුණු 203ක් පමණි. ඒ අනුව ස්කොට්ලන්තය සත්කාරකයින් ලකුණු 31කින් පරදවමින් ලෝක කුසලාන බලාපොරොත්තු අලුත් කර ගත්තේය.

සිම්බාබ්වේට ජයග්‍රහණය ලබාදීමට දැඩි වෙහෙසක් ගත් රයන් බර්ල් ලකුණු 83ක් රැස් කළේය