හෙට (12) දිනයට යෙදී තිබෙන සිරකරු දිනය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ විවෘත අවස්ථාවක් නොහොත් ඕපන් විසිට් අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

හෙට රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බවත්, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් බැලීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බවත් වාර්තා වේ