අද (6) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරයේ සමරු උත්සවය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වුණා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ ආදි කර්තෘ ශ්‍රී ලංකාවෙි ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට මල් මාලා පළදා උපහාර දක්වනු ලැබුවා.

මෙම අවස්තාවට එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික ලේකම් රවී කරුණානායක, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග, සිරිකොත ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශමල් සෙනරත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.