රුවන්වැල්ල, කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී වයස අවුරුදු 4ක කුඩා දැරියකගේ මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව ළිඳ අසල සිටියදී ප්‍රදේශවාසීන් දැක ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අද (17) උදෑසන එම සිදුවීම වාර්තා වූ අතර එලෙස මියගොස් ඇත්තේ, දෙව්මි අමායා නැමැති කුඩා දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.