කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් පස් දෙනෙකු අපයෝජනයට ලක්කල ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියකු අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පවසයි.

අපයෝජනයට ලක් වූ දරුවන් විසින් පාසලේ ගුරුවරුන් හා දෙමාපියන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව කලවාන පොලිසියට කල පැමිණිල්ලක් අනුව එම චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විහාරස්ථානය එම පාසල අසලම පිහිටා ඇති අතර පාසලේ නමය වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් පස් දෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවට පැමිණිලි ලැබී තිබුණි.

දරුවන් වෛද්‍ය පරීක්ෂණ සඳහා කලවාන මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවද කලවාන පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනු ඇති.