කල්පිටියේ පිහිටි පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙක්  වොලිබෝල් පුහුණු කඳවුරකට සහභාගී කරවීමට යැයි පවසා රැගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයක් සි​දුඇති බවට පුවතක් වාර්තා වෙනවා

15 හැවිරිදි මෙම  සිසුවා අපයෝජනයට ලක්කොට ඇත්තේ එම පාසලේම වොලිබෝල් පුහුණුකරුයි

සඳලංකාව ඉරබඩගම පිහිටි නිවසකට රැගෙන ගොස් මේ අතවරය සිසුවාට සිදු කර ඇත්තේ පසුගිය 22 වැනිදා රාත්‍රී කාලයේ බව පොලිසිය පවසනවා.

අදාළ සිසු​වා දින දෙකක නේවාසික පුහුණු කඳවුරකට යන ලෙ​ස දෙමාපියන්ට පවසා සිසුවා රැගෙන ගොස් ඇති අතර වෙන්නප්පුවේ පිහිටි එ​ම  ​ පුහුණු කඳවුර තිබී ඇත්තේ පුහුණුකරුවන්ටයි.

සිසුවා​ව කල්පිටියේ සිට සඳලංකාවට ගෙනගොස් බරපතළ ලිංගික අපයෝජනය කළ වොලිබෝල් පුහුණුකරුවෙකු ඊයේ (24) පන්නල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.