වයස අවුරුදු පහළොවක් වූ දරුවෙකුට වේවැලකින් පහර දී හිංසා කිරීමක් හේතුවෙන් විදුහල්පතිනියකට රුපියල් ලක්‍ෂ දහයක වන්දි මුදලක් ගෙවන්නැයි අධිකරණය විසින් නියෝග කර තිබේ.

කළුතර මහාධිකරණය විසින් මෙසේ වන්දි ගෙවන ලෙස නියම කරන ලද්දේ දොඩංගොඩ නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනියක විසින් වරද පිළිගැනීම හේතුවෙනි.

එය අනුව අදාළ වන්දි මුදල විනිසුරුවරියා ඉදිරියේදීම විදුහල්පතිනිය විසින් ගෙවා දමා ඇත.

මෙසේ දඬුවම් නියම කරන ලද්දේ 2013 වසරේ දී ජුනි මාසයේ දිනයක එවකට බාල වයස්කාර දරුවකුට කෲරත්වයට පත්කරන ලදැයි පවසමින් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සලකා බලමිනි.

දොඩංගුවට පොලිසිය විසින් එම වසරේදී සංවිධානය කර තිබූ පහන් කුඩු තරගයකට මෙම සිසුවා ඉදිරිපත් කළ පහන් කුඩුවට පළමු ස්ථානය හිමි වී ඇති අතර එහිදී වේදිකාවේදී සිසුවා මුදල් චෙක්පත හා සහතික පත්‍රය ලබාගෙන තිබේ.

නමුත් එය විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් කළ නිර්මාණයක් යැයි කියමින් විදුහල්පතිනිය එම ස්ථානයේදීම තෑගි ලබාගෙන ලබාගෙන තිබිණ.

පසුව තෑගි ලබා ගැනීමට විදුහල්පතිනියට ඉඩ නොදුන් බව පවසමින් සිසුවාට පාසලේ දී පහර දී ඇති බවත් සෙසු ගුරුවරුන්ද සිසුවා නොසලකා හැරී ඇර ඇති බවත් නඩුව විභාගයේදී කරුණු වාර්තා වී තිබේ.