සීතාවක ඔඩිසි දුම්රිය ලබන සති අන්තයේ සිට සෙනසුරාදා දිනයේද ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.

බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලයේ ඉල්ලීමක් අනුව ප්‍රවාහන අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබා දුන් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

සීතාවක ඔඩිසි දුම්රිය මේ දක්වා ධාවනය කෙරුණේ සෑම සති අන්තයකම ඉරිදා දිනයේ පමණයි.

කොළඹ කොටුවේ සිට කැලණිවැලි මාර්ගයේ වග දුම්රිය ස්ථානය දක්වා එය ධාවනය කෙරෙන අතර ඒ සඳහා පැය 2යි විනාඩි 20ක කාලයක් ගත වේ.

දුම්රිය ස්ථාන 14ක සීතාවක ඔඩිසි දුම්රිය නතර කෙරෙන අතර අදාළ නැවතුම් ස්ථානයන්හී සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලය සඳහන් කර ඇත.