ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සුපිරි හතර දෙනාගේ වටයේ තරග හම්බන්තොට, මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ඊයේ තීරණය කෙරුණු අතර, කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියේ එම තරග නැවත කොළඹදීම පැවැත්වෙන බවයි.

කොළඹට පවතින වර්ෂාව හේතුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත වූ තරග හම්බන්තොටට රැගෙන යාමට තීරණය කර තිබිණි. කෙසේ නමුත් ඊයේ සහ අද කොළඹට පැවැති කාලගුණය සහ ඉදිරි කාලගුණ අනාවැකි මත නැවත එම තරග කොළඹදීම පැවැත්වීමට තීරණය කර තිබේ.

පැවැති වර්ෂාපතනය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරගය අතහැර දැමුණු අතර, ඊයේ පැවැති ඉන්දියාව සහ නේපාලය අතර තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල විය.