2024 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා සුපිරි කණ්ඩායම් 08 ප්‍රකාශ කර ඇත.

පළමු කාණ්ඩයේ කණ්ඩායම් ලෙස ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය නම් කර ඇති අතර දෙවන කාණ්ඩයේ කණ්ඩායම් ලෙස දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, එක්සත් ජනපදය ICCය විසින් නම් කර ඇත.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය 02 වැනිදා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සත්කාරකත්වය දරයි.

ක්‍රිකට් ක්‍රීඩාවට ආගන්තුක අමෙරිකාව පළමුවරට සහභාගී වන ලෝක කුසලාන තරගාවලිය මෙය වන අතර, ඔවුන්ට ලෝක කුසලාන වරම් හිමි වූයේ මෙවර තරගාවලියට සමසත්කාරකත්වය දැරීම හේතුවෙනි.

කණ්ඩායම් 20ක් සහභාගී වන තරගාවලියේ මූලික වටයේ තරග A සිට D දක්වා කාණ්ඩ 4කින් පැවැත්වුණු අතර වත්මන් ලෝක ශූර එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය මෙවර තරගාවලියට එක්වූ ප්‍රබල කණ්ඩායම් අතරට අයත් විය. එහිදී වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකාව මූලික වටයේදී තරඟ කරනු ලැබුවේ D කාණ්ඩයෙනි

එමෙන්ම අමෙරිකාව, කැනඩාව සහ උගන්ඩාව යන කණ්ඩායම් මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පළමුවරට සහභාගි විය.