ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත්කර ඇත.

ඔහු මීට පෙර 2012 සිට 2013 දක්වා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත්, 2008 සිට 2012 දක්වා මූල්‍ය සේවා ඇකඩමියේ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපන හා පුහුණු අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසත් සේවය කර ඇත.

දිසාබණ්ඩාර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මුදල් අංශයේ මූල්‍ය හා ආයතනික පාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි.