ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහ​තා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.

ඒ අනුව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සඳහන් කළේ ඔහු අද (08) දින වැඩ භාරගැනීමට නියමිත බවයි.