විදෙස් රටවල් 18කින් වෛද්‍යවරු සහ බෙහෙත් ගෙනත් ඉතාම අපහසුවෙන් සුව කළ ලෙඩාව නැවත වතාවක් ලෙඩ කරන්න ඉඩ දෙන්න එපා යැයි ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසා සිටියා.

ඊයේ (05) බත්තරමුල්ලේ පැවති දේශිය වෛද්‍යවරුන්ගේ සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළා

“20/22 මටත් ලෙඩෙක් භාරදුන්නා සුව කරන්න කියලා .ඉස්සල්ලම හදහන දිහා බලන්න උණා. ඊට පස්සෙ ගෙනල්ලා කොහොම හරි පත්තුවක් බැන්දා , තිත්ත කසාය දුන්නා, ගුලියක් දුන්නා කොහොම හරි අවුරුදු දෙකක් යන්න ඉස්සල්ලා නැගිටලා ඉන්නේ . ඉතින් එහෙම සුව කරායින් පස්සේ දැන් ලෙඩා මොකක්ද කරන්නේ ? දැන් වෙලා තියෙන්නේ ආපහු කොහෙන්ද ඇවිල්ලා වෙදෙක් මන්දන්නේ නෑ කොහෙන්ද කියලා හරියට සුදුසුකම් නෑ .දැන් ආපහු ඇවිල්ලා සුව කරපු ලෙඩාව ආපහු ලෙඩ කරන්න බලනවා . ඒ බෙහෙත හරියට කසිප්පු වගේ .කැරපොත්තො දාලා ඇණ දාලා නොදැම්ම දෙයක් නෑ . දැන් අපි බලන්න ඕන අපි එතනට දීලා සුවවුණ ලෙඩා ඒක බොනවද නැද්ද කියලා .බිවුවොත් ඉවරයි ආපහු අරගන්න බැරිවෙනවා.අපි බලාපොරොත්තු වෙන්නේ ලෙඩා එහෙම නොකර ආපහු සුවපත් වෙයි කියලා.මොකද මෙහෙම ලෙඩක් හැදුණාම ලේසි පහසු නෑ. අපි රටවල් දහ අටකින් වෛදවරු, බෙහෙත් ගෙනල්ලා ලෙඩාව සුව කරේ. කොහෙන්ද ආපු කෙනා කියනවා මම ඒ හැමෝවම දන්නවා කියලා. ඔන්න ඕකයි මේ රටට වෙලා තියෙන්නේ . ඉතින් මම කියන්නේ අමාරුවෙන් සුව කරපු ලෙඩාව ආපහු ලෙඩ කරන්න ඉඩ දෙන්න එපා කියලයි “