නැගෙනහිර ආර්ජන්ටිනාවට පැයට කිලෝමීටර් 150ක වේගයෙන් හමා ගිය තද වැසි සහ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කුණාටුව Buenos Aires සිට කිලෝමීටර් 570 ක් දකුණින් පිහිටි Bahia Blanca වරාය නගරයට ළඟා වීමෙන් පසු දැඩි ලෙස හානි සිදුව තිබේ.

ගොඩනැගිලිවලටද හානි සිදුව ඇති අතර විදුලියද විසන්ධි වී ඇති බව සඳහන් වේ.

එමෙන්ම මෙම කුණාටුව හේතුවෙන් අසල්වැසි උරුගුවේ රාජ්‍යයේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Bahia Blanca වරාය නගරයට ළඟා වූ කුණාටුව හේතුවෙන් ක්‍රීඩා මධ්‍යස්ථානයක වහලයේ කොටසක් කඩා වැටී 13 දෙනෙකු මිය ගිය බවද නිලධාරීන් පවසා ඇත.

තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම ස්ථානයේ සිටි ගිනි නිවන භටයින්ට සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමට කටයුතු කර තිබේ.

එමෙන්ම මොරෙනෝ නගරයේ කඩා වැටුණු ගසක අත්තක් වැදීමෙන් තවත් කාන්තාවක් මිය ගොස් ඇත.

Thirteen people were killed after the storm caused the partial collapse of a sports centre’s roof in the port city of Bahia Blanca