මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බවත් මෙම  වසර අව​සානයේ වහළය මත මත සූර්ය පැනල මගින් පමණක් මෙගාවොට් 1000 ඉක්මවූ විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන උත්පාදන සැලසුම අනුව ඉදිරි වසර 4 තුළ සෑම වසරකම වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 150 බැගින් ජාතික පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර තිබෙනවා.