අද පස්වරුවේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසුවේ වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත් කර ඇති බවයි

රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බවත් දුම්රිය සාමාන්යධිකාරිවරයා විසින් එම ලිපි මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිරුන්ට යවා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා