එළැඹෙන කාර්තුවේ දී සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම පිළිබඳව වූ නව පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී මීට සුලු මොහොතකට පෙර ප්‍රකාශ කර සිටියා.
ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, අපරාධ පනත් කෙටුම්පත, මුදාගැනීම, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් කෙටුම්පතේ සංශෝධන එලෙස ඉදිරිපත් කරන බවය.