අද (13) උදෑසන මධ්‍යම පළාතේ රෝහල් තුළ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින්  වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

සිය ඉල්ලීම් සඳහා රජය නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් එළැඹෙන 22 වන දා සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවා

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙලෙස අදහස් පලකළා.

“මේ ප්‍රශ්නයේ මුලික කාරණය විසඳලා ඉවරයි. දීමනාව දෙන්න තීරණය කරලා, චක්‍රලේඛයත් නිකුත් කරලා ඉවරයි. පොඩි කොටසකට තමා මේ දීමනාව දැනට අහිමිවෙලා තියෙන්නේ. පෙරදීමනාව නොගෙවීම යන කාරණාව මත. ඒ අයට දීමනාව දෙන්න කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියලා අපි සෞඛ්‍ය ඇමතිතුමාට කිව්වා. එතුමා ඒක මං හිතන්නේ කරනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්න ඒ අය තීරණය කරලා තියෙනවා. ඒ තීරණයට ටිකක් කල්දීලා මේක විසඳන්න කටයුතු කරන්න අවස්ථාව දෙන එක හොඳයි.”

එහිදී ඔහු සඳහන් කළේ, මේ වන විට රට මුහුණ දී ඇති තත්ත්වය අනුව මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිගත නොහැකි බවය.