යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකි බවද උසස් අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් එලෙස ම පවතින බවද සදහන්

මේ සම්බන්ධයෙන් සැකයක් ඇති වන ප්‍රකාශ හා විවිධ මාධ්‍ය උපයෝගී කර ගෙන කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ බැහැර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවද සදහන්