සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ධූරයන්ගෙන් ඉවත්වන බව මීට මුලු මොහොතකට පෙර නිවේදනය කලේය. ඔහු එ බව පැවසුවේ සංචාරක අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය හමුව අමතමින්.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයන්ගේ සියලු නිලධාරීන් එම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූ අතර ඔවුන් ඉදිරියේ අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

කෙසේ නමුත්, අභියෝග බාරගැනීම තම ජීවිතයේ අලුත් දෙයක් නොවන බවත්, රටට අවශ්‍ය මොහොතේදී අභියෝග බාර ගැනීම තමන් විසින් සිදුකල බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, රටට අවශ්‍යයම මොහොතේ දී තමන් සමඟ සිටිමින් රට වෙනුවෙන් විශේෂ සේවයක් සිදුකොට අමාරු අවස්තාවෙන් රට ගොඩ ගැනීම සඳහා සියලුදෙනා සහය දුන් බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ සියළු නිලධාරීන්ට අමාත්‍යවරයා සිය විශේෂ ස්තූතිය පළ කළ කරන බවත් ය. එමෙන්ම තව දුරටත් රට වෙනුවෙන් සිය සේවය ලබාදෙන මෙන් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.