ශ්‍රී ලංකාවේ දුනු ශිල්ප සංගමය, කබඩි සම්මේලනය, මල්ලව පොර සම්මේලනය, බ්‍රිජ් සම්මේලනය සහ ජාතික රෝද සපත්තු සංගමය යන ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලනයන්හි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු වෙත පවරා ඇති බලතල ප්‍රකාරව එම අත්හිටුවීම සිදුකර තිබේ.

අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම තාවකාලික කාර්ය ක්‍රමයක් වශයෙන් එකී ජාතික ක්‍රීඩා සංගම් / සම්මේලනයන්හි පරිපාලනය හා වෙනත් යම් අවැසි කටයුතු යථායෝග්‍ය අයුරින් ඉටු කිරීම උදෙසා සහ අදාළ නිලවරණයන් කැඳවීමට හා පැවැත්වීමට දෙසැම්බර් 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු නිසි බලධාරිවරයා ලෙස ද පත්කර තිබේ.