හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ හෙට (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරණය පරාජය වූ පසුව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

ඔහු මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නියමිතව බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් ඔහු ඉදිරි මහ මැතිවරණයට තරග නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබාදේ.