පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් නඩුවට අදාළව අධිකරණය විසින් හිටපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මිලියන 100ක වන්දි මුදලක් ලබා දෙන ලෙස නියෝග කොට තිබුණා

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණය විසින් නියම කළ මිලියන 100ක වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බව දිනමිණ වාර්තා කරනවා.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංඝණය වී ඇති බවට තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම වන්දි නියෝගය ලබා දී තිබුණා.