හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදය ගබ්සා කිරීමක් බව හා මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසනවා.

එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ඊට වැයකරන ලද රුපියල් කෝටි 72කට වැඩි මුදල අපතේ යෑම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් පෙන්වාදෙයි.

ඔහු පවසන්නේ එම මුදල අදාළ තීන්දුව ගත් පාලකයින්ගෙන් අයකර ගන්නා ලෙස ඉල්ලමින් මෙලෙස ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි.

# ප්‍රජාතන්ත්‍රවාදය ගබ්සා කිරීමේ වන්දිය ගෙවනු, # ජනාධිපති රනිල්ට අපරාධ චෝදනාවක් යනුවෙන් ශීර්ෂපාඨ සහිතව ලියා දක්වා ඇති එම ලිපිය තුළින් සිදුවීම් ගණනාවක් පිළිබඳ කරුණු දක්වා තිබේ.

වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි උපේක්ෂාවෙන් බලා සිටින බව ද අදාළ ලිපිය මගින් සඳහන්කොට තිබෙනවා.

එමෙන්ම තමා විසින් අපතේ දැමූ ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ඨ සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බවද එම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.