ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි සීක්‍රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය පවසනවා

එලැඹෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට මීට සති කීපයක පටන් සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශය මේ බව දැනුවත් කර ඔහුගේ ආරක්ෂාව වැඩි කිරීමටද කටයුතු කර තිබෙනවා

ට්‍රම්ප් පසුගිය දා වෙඩි ප්‍රහාරකට ලක් වූයේ එසේ ආරක්ෂාව තරකර තිබියදීය.

කෙසේ නමුත් පසුගිය දා පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් ප්‍රාන්තයේ, මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයට, ඉරානයේ කිසිදු සම්බන්ධයක් නැති බව අනාවරණය වී තිබෙන බව සීක්‍රට් සර්විස් තහවුරු කර තිබෙනවා