ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සිය දේශපාලන ගමනට සහයෝගය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව ඇති බව වාර්තා වේ.

සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහුට ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහුව සමගි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.

දශක 3ක යුද්ධය වෙනුවෙන් ඔහු ලබා දුන් දායකත්වය නිසා 2001 ජනවාරි මස 1 වැනි දා සිට ශ්‍රී ලංකා නාවුක හමුදාපතිවරයා ලෙස පත් කරන ලදී. වසර 53ක නාවුක හමුදා ඉතිහාසයේ වඩාත් පළපුරුදුම නාවුක හමුදාපතිවරයා ලෙස ද ඔහු ඉතිහාස ගත වේ. වයිස් අද්මිරාල් දයා සඳගිරි නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව වසර 4කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රශංසනීය ලෙස මෙහෙය වූ අතර දකුණු ආසියානු කලාපයේ දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගවලට මුහුණ දිය හැකි ප්‍රබල බලවේගයක් බවට තම භට පිරිස් පරිවර්තනය කිරීමට ඔහු කටයුතු කොට ඇත.

ඔහු නාවික හමුදාපතිවරයා ලෙස උසස් කර වසර හතරකුත් මාස අටක් එම තනතුරේ කටයුතු කළේය. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු 2005 සැප්තැම්බර් 1 වැනි දින අද්මිරාල් නිලය සහිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරන ලදී. ඔහු 2005 ජුනි 12 වැනි දින එම තනතුරෙන් විශ්‍රාම ගිය පසු 2015 නොවැම්බර් 9 වැනි දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිව්වැනි කුලපතිවරයා බවටද ඔහු පත් විය.