හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර මහතා විසින් පොලිස් මුල­ස්ථා­නයේ විදුලි සෝපාන ක්‍රියා­ක­රු­ව­කුට විදුලි සෝපා­නය අස­ලදී සාප­රාධි බල­හ­ත්කා­ර­කම් හා සාප­රාධි බිය­ගැ­න්වීම් සිදු කිරීමේ චෝද­නා­ව­ලට අදා­ළව පවරා ඇති නඩුව පැමි­ණිල්ල සමා­දාන වීමට එක­ඟ­තාව පළ කිරීම හේතු­වෙන් සංශෝ­ධිත පැමි­ණිල්ල ඉදිරි දින ඉදි­රි­පත් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් කෝසල සේනා­ධීර ඊයේ නියෝග කළේය. සිද්ධිය සම්බ­න්ධ­යෙන් නඩුව අද විවෘත අධි­ක­ර­ණ­යේදී විභා­ග­යට කැඳවූ අව­ස්ථාවේ හිටපු විදුලි සෝපාන ක්‍රියා­කරු සම­ර­කෝන් බණ්ඩා­ර­ සමා­දාන වීමට කැමත්ත ප්‍රකාශ කිරීම හේතු­වෙන් මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ නියෝ­ගය සිදු කළේය.

යම්කිසි බල­පෑ­මක් මත මෙලෙස පව­ස­න්නේද යන්න ඔහු­ගෙන් විමසා සිටි මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඔහුට වන්දි මුද­ලක් අව­ශ්‍ය­දැයි ප්‍රශ්න කළේය. එහිදී එබ­න්දක් අවශ්‍ය නොවන බවත්, කිසිදු බල­පෑ­මක් නොවූ බවත් ඔහු පවසා සිටි­යේය. මේ සිද්ධි­යට අදා­ළව මින් පෙර සාක්ෂි­ක­රු­වන් තිදෙ­නකු සිද්ධිය සමථ කර­ගැ­නී­මට සූදා­නම් බව අධි­ක­ර­ණය හමුවේ දැනුම් දී තිබිණි.

පොලිස් මූල­ස්ථා­නයේ ජාතික ගීය, භාවනා වැඩ­ස­ට­හන අත­ර­තුර විදුලි සෝපා­නය ක්‍රියා­ත්මක නොක­රන ලෙස දී තිබූ උප­දෙ­ස්ව­ලට පට­හැ­නිව කට­යුතු කිරීම සම්බ­න්ධ­යෙන් එදින හිටපු පොලි­ස්පති පූජිත ජය­සු­න්දර තමාට අව­වාද කළ බව සාක්ෂි­ක­රු­වන් අධි­ක­ර­ණය හමුවේ සාක්ෂි දෙමින් සඳ­හන් කර තිබිණි.

ඉකුත් 2017 වසරේ අප්‍රේල් 11 දා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සෝපාන අංක 1 ක්‍රියා­ක­රුව සිටි රාගම පදිංචි ඒ.එච්. සම­ර­කෝන් බණ්ඩා නමැති නිල­ධා­රි­යාට පහර දීමට තැත් කර­මින් පරුෂ වච­න­යෙන් බැණ තර්ජ­නය කළ බවට හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දරට එරෙ­හිව 2019.06.02 දා වැඩ­බ­ලන පොලි­ස්පති වික්‍ර­ම­රත්න මහතා වෙත එම නිල­ධා­රියා සිදු කළ පැමි­ණි­ල්ල­කට අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විම­ර්ශන සිදු කර ඇත.

නඩුව විවෘත අධි­ක­ර­ණයේ කැඳ­වන අව­ස්ථාවේ හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි අතර, හිටපු පොලි­ස්ප­ති­ව­රයා වෙනු­වෙන් නීතිඥ මඬු­ල්ලක් අධි­ක­ර­ණය හමුවේ කරුණු දැක්වීය.