ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුලස්ති ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැට ගසා ඝාතනය කර සිටියදී සොයාගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (28) උදෑසන කාලයේදී කෑගල්ල, කොස්සින්න ප්‍රදේශයේ දී එම ඝාතනය වාර්තා වී තිබුණි.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 75ක් වන අතර ඔහු බුළුරුප්ප, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතකයින් ඔහුගේ බිරිඳගේ මුවෙහි ප්ලාස්ටර් අලවා ගොස් තිබූ අතර නිවසේ අල්මාරි සියල්ල විවෘත කර තිබූ බවත් පොලීසිය පවසයි.
එම කාන්තාවටද සැකකරුවන් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටියදී පොලිසිය විසින් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පැමිණි පිරිස නිවසේ තිබූ මෝටර් රථය ද සොරකම් කර ඇත. එම මෝටර් රථය පින්දෙණිය පොලිස් වසමේ දමා ගොස් තිබියදී සොයා ගත් බවයි සඳහන් වන්නේ.
මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පහරදිමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.
කෙසේ නමුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ..