සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත දෙසැ. 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරු, අද (දෙසැ. 18) පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ සැපයුම් කාර්යාල සියල්ල මුද්‍රා තබන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපර්තමන්තුව වෙත නියෝග කර ඇත.

අද ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණ තිබුණු අතර පස්වරුවේ එම නිලධාරීන් මගින් අත්අඩංගුවට ගැනිණි.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් එල්ල වී ඇති ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබිණි.